24.5 C
Colombo
2026-10-07
mediahumanrights.lk
NewsSportsSports News

අමතක වූ කුලසේකර අවසානයේ ශ‍්‍රී ලංකා පිලට කැඳවයි

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඉකුත් දා නිමා වූ  ඕස්ටේ‍්‍රලියානු පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ දී ද ඔහු පන්දුවෙන් දස්කම් දැක්වූවා.
කෙසේ වෙතත් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ මුල් සංචිතයට කුලසේකර ඇතුළත් වුණේ නැහැ.
ඔහුට අමතරව වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් ද ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවනු ඇති බවටයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
බංග්ලාදේශය සමඟ පැවති පළමු එක්දින තරගයේ දී සුරංග ලක්මාල් හැර සෙසු වේග පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක් වුණා.
බංග්ලාදේශ ඉණිමේ අවසන් පන්දුවාර දහයේ දී ඔවුන් ලකුණු 109ක් රැස් කළ අතර බිඳ වැටුණේ කඩුලූ දෙකක් පමණයි.
මේ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින ක‍්‍රිකට් තරගය රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

Shiran Viraj

අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්

Shiran Viraj

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Shiran Viraj
Translate »