30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!

සබරගමුව මහ ඇමතිවරයා තමාගේ සහ තම පවුලේ සියළු සෞඛ්‍ය පහසුකම් සපුරා ගන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටෙන් බව වාර්තා වේ.
එනම් මහ ඇතිවරයා තමාගේ අසනීපයට ප්‍රතිකාර ගනු ලබන්නෙ සිංගප්පූරුවේ රෝහලකින් බව පැවසේ. ඔහුගේ එම වියදම බර වන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගිණුමටයි.

මහ ඇමතිවරයාගේ මාසික බෙහෙත් වට්ටෝරුව රැගෙන ඒමට යොදවනු ලබන වාහනය රත්නපුර සිට කොල්ලුපිටියේ පෞද්ලික ආයතයට ගොස් ඉන්පසු කෑගල්ලේ මහ ඇමතිවරයාගේ නිවස දක්වා යා යුතු වේ. මෙසේ මහජන දේපළ විනාශ කරන්නේ කිසිදු තැකීමකින් තොරවයි. සමහර අවස්ථාවලදී පණු බෙහෙත් පෙති කිහිපය රැගෙන ඒමට ද වාහනයක් කොල්ලුපිටිය දක්වා යනව බව කියවේ.
මෙම මහඇමති වරයා යටතේ ඇති ආයතන කිහිපයකම වසර 10 වඩා කාලයක් මෙලෙස මුදල් අවභාවිතාව හා විවිධ දූෂන පිළිබදව වාර්ථා වී ඇතත් ඒවා විගගණනය නොකිරීම පිළිබදව ඒ ඒ ආයතන වල සේවකයින් ඔවුන්ගේ අප්‍රසාදය පලකරයි.

Related posts

විවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..

Shiran Viraj

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Shiran Viraj

පළාත් කිහිපයකට අදත් තද වැසි

Shiran Viraj