32.2 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (28)පැවැත්වෙනවා.
තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ බංග්ලාදේශයයි.
ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳ  තවදුරටත් බලාපොරොත්තු තබා ගැනිමට නම් ශ‍්‍රී ලංකාව අද පැවැත්වෙන තරගය ජයගත යුතුම වනවා.
රන්ගිරි දඹුල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයේදී දහවල් දෙකයි තිහට මෙම තරගය අරම්භ කිරිමට නියමිතයි.
මේ අතර, මෙම තරගයට  දිල්රුවන් පෙරේරා ශ‍්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
ඒ, පුහුණු වීම් අතරතුර ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි.
මීට අමතරව නුවන් කුලසේකර සහ නුවන් ප‍්‍රදීප් ද ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයි

Shiran Viraj

නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැ

Shiran Viraj

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

Shiran Viraj
Translate »