27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

විපක්ෂ නායකගේ සිග්නල් වැටීම ගැන දිනේෂ් කියයි

වත්මන් විපක්ෂ නායකවරයා අද වන විට ආණ්ඩුවේ සිග්නල් කණුවක් බවට පරිවර්තනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ආණ්ඩුව විසින් ස්විචය දැමු විට ක්‍රියාත්මක වීමටත් එය අක්‍රීය වු විට සිග්නල් නැවතීමටත් විපක්ෂ නායකවරයා කටයුතු කරන බව අද (29) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
විපක්ෂ නායකවරයා ඇතුළු සමහර පිරිස් ආණ්ඩුව සමඟ උදාකර ගෙන ඇති මෙම හානිදායක තත්ත්වය තුළින් රටට අයහපතක් සිදුවන බවත් අතීතයේ දී අමිර්තලිංගම් වැනි විපක්ෂ නායකවරුන්ගේ අභාෂය නොගැනීම තුළින් වත්මන් විපක්ෂ නායකගේ ප්‍රතිපත්ති නොමැති ක්‍රියාකලාපය අද මනාව පසක් වන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා කෑගසමින් ජිනිවා මානව හිමිකම් සමුළුවෙහි නිර්දේශයන් පිළිබඳ කථා කරන බවත් රටක ජාතික නිදහස හා ස්වාධීන්තවය පාලනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයට කිසිදු අමාත්‍යවරයෙක්ට එයට පටහැනිව ක්‍රියා කළ නොහැකි බවත් එවන් අවස්ථාවක් උදා වුවහොත් ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය හඬ නගන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
මේ අතර GSP සහනය ලැබුණු බව රජය ප්‍රකාශ කළ ද එවැන්නක් ලංකාවට මෙතෙක් හිමිව නැති බවත් එනිසා ලංකා ඉතිහාසයේ විශාලම මූල්‍ය ආර්ථික අර්බුදයට අද වන විට ලංකායට මුහුණ දීමට සිදුව ඇති බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..

Shiran Viraj

අගමැතිවරයාගේ ලේකම්වරයෙකුටත් කොරෝනා

Shiran Viraj

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි

Shiran Viraj
Translate »