2026-09-14
mediahumanrights.lk
BusinessBusiness NewsNews

වසර දෙකක් තුළ බැඳුම්කරවලින් ශුද්ධ විදේශීය ගලායාම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 27.8 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර 2016 වසර තුළ එහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 19.1 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
එය ද්විතීයික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4.9 ක ශුද්ධ ලැබීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 14.2 ක ලැබීමකින් සමන්විත විය.
2016 වසරේ දෙසැම්බර් මාසයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 95.9 ක ශුද්ධ විදේශීය ආයෝජන ආපසු ගෙවීමක් සමඟ අඛණ්ඩව තුන්වන මාසයටත් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ විදේශ ආයෝජන ආපසු ගෙවීම් වාර්තා විය.
2016 වසර තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් වූ ඉවත් කරගත් මුළු විදේශීය ආයෝජන ප්‍රමාණය 2015 වසරේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,093.4 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 324.3 ක් විය.
2016 වසරේ දී රජය වෙත ලැබුණු දිගුකාලීන ණය ප්‍රමාණය 2015 වසරේ දී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් මිලියන 469.6 ක ශුද්ධ ලැබීමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,287.0 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
2016 දෙසැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
(under the courtesy of adaderana news web)

Related posts

සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

Shiran Viraj

STEM අධ්‍යාපනය ප්‍රවර්ධනයට ක්‍රියාකාරී සැලසුමක්

Shiran Viraj

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

Shiran Viraj
Translate »