mediahumanrights.lk
NewsPolitical

රජයේ නාස්තිය අධික නිසා රුපියලට වන දේ කියන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා

ආණ්ඩුව විසින් මේ මොහොතේ ගෑස් මිල වැඩි කළද ඒ සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ කියා සිටියේ ඉකුත් මාස 3කදී ලෝක වෙළඳපොලේ ගෑස් මිලද අඩුවී ඇති බවයි. එවැනි අවස්ථාවක ගෑස් මිල ඉහල දැමීමට රජය කටයුතු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

රජය විසින් සිදු කරන නාස්තිය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මෙලෙස පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ නංවන බවයි ශෙහාන් සේමසිංහ මන්ත‍්‍රිවරයා කියා සිටියේ. ඉන් රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවත් ඒ හේතුවෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවම වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් 27වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 245කින් ඉහළ නැංවුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..

Shiran Viraj

ජනාධිපති ඉල්ලා අස්වී රට බාර දෙන්න…- සජිත්

Shiran Viraj

ලිසිං සමාගම් වලට පොලිසියෙන් රතු එළියක් : දැඩි නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පති නියෝග කරයි

Shiran Viraj
Translate »