2026-02-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

යාපනයේ යටිතල පහසුකම් දියුණු කරන්න කැනඩාවෙන් ආධාර

යාපනය දිස්ත්‍රීක්කයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව තීරණය කර තිබේ.
ඒ අනුව එම ගිවිසුමට අත්සන් තැබීම ඊයේ(19) යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති බව වාර්තා වේ.
මෙම අවස්ථාව සඳහා ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්වේ.
මේ හරහා යාපනය දිස්ත්‍රීක්කයේ ඉඩම් සංවර්ධනය අධ්‍යාපනය නගාසිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ටොරොන්ටෝව ආධාර ලබා දෙනු ඇත.
අදාළ ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී විග්නේෂ්වරන් මහතා පවසා ඇත්තේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සඳහන් කර නොමැති බවය.
සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉදිරියේදී තිරණය කරන බව ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

සිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…

Shiran Viraj

සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

Shiran Viraj

තරුණයෙකු ගුවන්යානයේ හදිසි දොරටුවෙන් පනී

Shiran Viraj
Translate »