2026-09-01
mediahumanrights.lk
News

මූල ප්‍රාග්ධනය ඉහළ නංවන්න මහ බැංකුවෙන් උපදෙස්

අවම මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නැංවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට නිර්දේශ කර තිබේ.
මේ අනුව අදියර කිහිපයක් යටතේ සිය මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නංවා ගැනීමට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කටයුතු කළ යුතුවේ. එහි පළමු පියවර වශයෙන් 2017 දෙසැම්බර් 31 දක්වා බලපත්‍රලාභී මූල්‍ය සමාගමක මූල ප්‍රාග්ධනය රුපියල් මිලියන 400 ට වඩා නොඅඩු මට්ටමක පවත්වා ගත යුතු බව බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.
මීට අමතරව 2018 ජනවාරි 01 වන විට රුපියල් බිලියන 1 ක්, 2019 ජනවාරි 01 වන විට රුපියල් බිලියන 1.5 ක්, 2020 ජනවාරි 01 වන විට රුපියල් බිලියන 2 ක් හා 2021 ජනවාරි 01 වන විට රුපියල් බිලියන 2.5 ක් යන මට්ටම්වලට නොඅඩු මූල ප්‍රාග්ධනයක් පවත්වා ගැනීම බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට අනිවාර්යය වනු ඇත.
පවතින තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් කිහිපයක්ම සිය ප්‍රාග්ධන මට්ටම් ඉහළ නංවා ගැනීම සඳහා හිමිකම් කොටස් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර Brac Lanka Finance, Abans Finance, Senkadagala Finance, Adam Investments සිය හිමිකම් කොටස් නිකුතු පිළිබඳ නිවේදනය පසුගිය සතියේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී.

Related posts

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Shiran Viraj

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Shiran Viraj
Translate »