mediahumanrights.lk
International News News

බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා පෙන්ගුයින් සමාගමේ පොත් ගහන ගිවිසුමකට

ලෝකයේ ප්‍රධාන පෙළේ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක් වන Penguin Random House සමග පොත් පළ කිරීමේ හිමිකම් ගිවිසුමකට ඊයේ හිටපු ජනපති බරක් ඔබාමා සහ එම භාර්යාව මිෂෙල් ඔබාමා අත්සන් කළා.
ඉදිරියේදී මේ දෙදෙනා තම ජීවිත කතාවේ අලුත් පොත් මෙන්ම නායකත්වය සම්බන්ධ උපදේශන සපයන ග්‍රන්ථ මෙම සමාගම සමග එක්ව ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.
මින් ඉහත බරක් ඔබාමා මෙම සමාගම සමග එක්ව Memoir Dreams From My Father සහ The Audacity of Hope නමින් ග්‍රන්ථ දෙකක් ප්‍රකාශයට පත් කළ අතර ඒ දෙකම ඇමරිකාවේ වැඩිම අලෙවිය ලැබුණ පොත් 10 අතරට පත් විය.
මිෂෙල් ඔබාමාද මෙම සමාගම සමග එක්ව ආහාර වට්ටෝරු පිළිබඳ American Grown නමැති පොතක් පළ කර ඇත.

Related posts

ඇප ලැබූ කන්ජිපානි ඉම්රාන් ලංකාවෙන් ඉන්දියාවට පැන්නා…- The Hindu

Shiran Viraj

චම්පක යයි වාස් එයි! ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම වෙනස

Shiran Viraj

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

Shiran Viraj