23.9 C
Colombo
2026-02-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

බන්දුලගේ කීර්ති නාමයට හානි කළැයි ලේක්හවුසියට නඩු

හිතාමතා තමාගේ කීර්තිනාමයට හානිගෙනදෙමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම නිසාත්, තමා සම්බන්ධව අසත්‍ය ප්‍රවෘත්ති පළකිරීම. නිසාත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් සහ ලේක්හවුස් ආයතනයෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යැවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා  අද (14දා) පැවසීය. බැඳුම්කර කොමිසම හමුවේ තමා සිදුකළ ප්‍රකාශය විකෘති කරමින් ප්‍රවෘත්තියක් පළකර තිබිම හේතුවෙන් ලේක්හවුස් ආයතනයෙන් රුපියල් මිලියන 200ක්ද, තමාට අපහාස වන අයුරින් මුදල් ඇමතිවරයා අදහස් පළකර තිබීම හේතුවෙන් රුපියල් මිලියන 300ක වන්දි මුදලක්ද ඉල්ලා නීතිඥයන් මාර්ගයෙන් ඊයේ (13දා) දිනයේදී එන්තරවාසි යැවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ, සද්භාවයෙන් සාක්ෂි ලබාදීම සඳහා බැඳුම්කර කොමිසම හමුවමට තමන් ගිය බවත්, මෙම සිද්ධියට අදාළව කිසිදු අසත්‍ය කරුණක් මේ දක්වා ප්‍රකාශ කර නැති බවත්ය.
කොමිසම හමුවට සාක්ෂි දීමට සූදානම් බව සඳහන් කරමින් ලිපියක් යැවීමට සැලසුම් කරගෙන සිටියදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතුකර ගැනීමේ අපහසුවක් නිසා එය පමාවූ බවද හෙතෙම පවසා සිටියේය.

Related posts

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

Shiran Viraj

ශ්‍රී ලංකා සිම්බාබ්වේ සිව්වන සටන ඇරඹේ – අසිත ප්‍රනාන්දු එක් දින වරම් ලබයි

Shiran Viraj

හොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහ

Shiran Viraj
Translate »