28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලි

එළවළු මිල සීග්‍රයෙන් පහලයාම හේතුවෙන් තම අස්වනු අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් පවසයි.
ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන ඇතැම් එළවළු තොග අලෙවි නොවීම හේතුවෙන් ගොවීන් විසින් ඒවා දිගම්පතන රජයේ රක්ෂිතයට බැහැර කරනු දක්නට ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වම්බටු කිලෝග්‍රෑමයක් රුපියල් 05ක  තොග මිලකට අලෙවි වන අතර  ගෝවා  කිලෝවක් රුපියල් 14ත් – 20ත් අතර මිලකටත්, කැරට් කිලෝවක් රුපියල් 15ත් – 30ත් අතර මිලකටත් අලෙවි වන අතර නෝකෝල්, රාබු, දඹල වැනි එළවළු අලෙවි නොවන තත්ත්වයක් පවතින බව ගොවීන් පෙන්වා දෙයි.
මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු තොග ලබාගැනීමට පැමිණෙන වෙළෙඳුන් සංඛ්‍යාව අඩු වී ඇති බවත්, පාරිභෝගිකයින් වෙළෙඳුන්ගෙන් සීමිත වශයෙන් එළවළු මිලදී ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් වාර්තා වෙයි.

Related posts

මම හිතින් මුතූට ආදරය කරනවා

Shiran Viraj

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලු

Shiran Viraj

ට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන යොදවයි, රුසියාව ‘Dead Hand’ පද්ධතිය සූදානමින්

Shiran Viraj
Translate »