26.7 C
Colombo
2026-09-20
mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති මසකට වරක් උතුරට යන්න තීරණය කරයි

උතුරු පළාතේ සංවර්ධනයට නව සැලැස්මක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තමන්ම ඒ පිළිබඳ සොයා බැලීමට තීරණය කළ බවයි.
‘‘ජනපතිට කියන්න’’ වැඩසටහනේ ප‍්‍රථම ප‍්‍රාදේශීය කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රටේ විවිධ ස්ථානවල සිදු කෙරෙන විරෝධතා සහ පෙලපාලී සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “විරෝධතා, සත්‍යග්‍රහාය, පෙළපාලි කරන්න ඕන අවස්ථාවන් තියෙනවා. හැම දේකටම ඒක කරන්න ගියාම ඒවාවල අගයත් නැති වෙනවා. හැබැයි ඔය හැම දෙයක්ම කරන්නේ මගේ ධූර කාලයේ තමයි. ඉස්සර ඒවා කලොත් ඉතින් සුදුපාට වෑන් එකක් හොයාගෙන එනවා.” යනුවෙනි.

Related posts

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Shiran Viraj

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

Shiran Viraj

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj
Translate »