28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
LIFE LIFE NEWS News

ගර්භණී භාවය සැලසුම් කරන ඔබ කල යුතුම දේවල් 10ක්

බොහොමයක් තරුණියන් විවාහ වීමටත් පෙර සිටම දරු පැටියකු සුරතල් කිරීමට ඉමහත් ආශාවක් දක්වනවා. එය ඉතාම ස්වභාවික මිනිස් හැසිරීමක්. ඉතින් එසේ බලාපොරොත්තු තබාගෙන ඉන්න ඔබ දරු උපතට බොහෝ පෙර සිටම කල යුතු දේවල් තිබෙනවා. මෙම ලිපියේ දැක්වෙන්නේ එයින් වැදගත් කරුණු 10ක්…
1. තම ප්‍රදේශයේ පවුල සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචි වීම
ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවය අනෙකුත් තුන්වැනි ලෝකයේ රටවල් සමග සංසන්දනය කරන විට ඉතාම දියුණු තත්ත්වයක පවතින බව? අපේ රටේ සියලුම ප්‍රදේශ ආවරණය වන ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පත් කර තිබෙනවා. එනිසා ඔබත් විවාහ වූ අලුතම ඒ ගැන සොයා බලා ලියාපදිංචි වන්න. එවිට ඔබට ගර්භණීභාවය පමණක් නොවේ පවුල් සැලසුම් කිරීම, උපත් පාලන ක්‍රම සහ වෙනත් දේ ගැනත් මූලික මට්ටමේ දැනුවත් කිරීමක් ලබා ගත හැකියි. වැඩි දුර දැනුම සඳහා ඔබේ ප්‍රදේශයේ “ප්‍රාදේශීය සෞඛය වෛද්‍ය නිලධාරි (MOH)” හෝ ආසන්නතම රෝහලේ වෛද්‍ය වරුන් හමු වීමත් සුදුසුයි.
2. ජානමය සංකූලතා පිලිබඳ පරීක්ෂාව
ඔබේ හෝ ඔබේ සහකරුගේ පවුල් වල පවතින යම් ජානමය සංකූලතාවයක් වේ නම් ඒ ගැන පරීක්ෂා කිරීමත් ප්‍රයෝජනවත්. ඇත්තෙන්ම මෙය විවාහයට පෙර සිටම සිදු කලත් වරදක් නැහැ.
3. ෆෝලික් අම්ලය ලබා ගැනීම
ඔබට ආසන්නම වෛද්‍ය මධ්‍යස්ථානයට (ප්‍රදේශයේ ගර්භණී මවු වරුන්ගේ සායනය හෝ රෝහල) ගිය විට වෛද්‍ය තුමන්ට හෝ තුමියට ඔබ දරුවකු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලන්න. ඒ සමග ඔබ ෆෝලික් අම්ලයත් ඔවුන්ගෙන් ලබා ගත යුතුයි…
4. මත් පැනින් දුම් වැටියෙන් ඈත් වීම
වාසනාවකට මෙන් අපේ රටේ බොහෝ තරුණියන් මත්පැනට හෝ දුම් වැටියට හුරු වී නැහැ. නමුත් සමහර පවුල් වල පිරිමි පාර්ශවය පවුලේ සියලු දෙනාම සිටින තැන දුම් බොනවා. එවිට ඔබ ඔවුන් දුම් බොන ස්ථානයෙන් ඉවත් වන්න. දුම් බොන අය පිට කරන දුම ඉතා අහිතකරයි.
5. නිවැරදි ආහාර පුරුදු ඇති කර ගන්න
ගර්භණී සමයේ ඇතැම් මවු වරුන් අධික සීනි (හෝ පිෂ්ඨය/මේද) සහිත ආහාර නිසා දියවැඩියා රෝගයට ලක්වීමත්, සමහරුන් නිසි පෝෂ්‍ය පදාර්ථ නොලබා සිටීමත් දැකිය හැකියි. එය වැලක් වීමටනම් තරුණ අවධියේ සිටම නිවැරදි ආහාර පුරුදු ඇති කර ගන්න. තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරීත්වයට පමණක් ප්‍රමාණවත් ලෙස පිෂ්ඨ/මේද/සීනි සහිත ආහාර ගෙන වැඩිපුර එළවලු සහ පළතුරු කෑමට පුරුදු වන්න.
6. තේ කොපි සහ පැණි රස කල සිසිල් බීම සීමා කරන්න…
සමහර අය තේ, කෝපි  සහ පැණි රස කල සිසිල් බීමවලට ඇබ්බැහි වෙලා… මේවා තරමට වඩා නුසුදුසුයි. දිනකට තේ/කෝපි කෝප්ප 2ක් ප්‍රමාණවත් නේද? අනිත් අවස්ථාවල දී පලතුරුබීමක් ලබා ගැනීමට උත්සහ කරන්න.
7. සිරුරේ බර නිසි අගයක තබා ගන්න
සිරුර තරබාරු වීම ලෙඩ රෝග බොහොමයකට අත වනනවා… ඒ නිසා තම සිරුරේ බර අඩුවට තබා ගැනීමට නිවැරදි ආහාර පුරුදු සහ සතියකට තුන් වරක් වත් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි.
8. දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න
සුදුසුකම් ලත් දන්ත වෛද්‍ය වරයකු ලවා ඔබේ දත් පරීක්ෂා කරගෙන ඔබේ දත් නිසි ලෙස පවත්වාගන්න. උදේ සවස පමණක් නොවේ සමහර කෑම වේල් වලිනුත් පසු ඔබ දත් මැදීම හොඳ පුරුද්දක්.
9. මූල්‍යමය සැලසුම
ඔබ පුදුම වේවි මෙවැනි සෞඛ්‍යමය නොවන දෙයක් අප සඳහන් කිරීම ගැන. නමුත් අප දකින ආකාරයට බොහෝ පවුල් වල නිසි මූල්‍යමය කළමනාකරණය නැති නිසා විවිධ ගැටළු ඇති වෙනවා. ඒ නිසා ඔබත් ඔබේ සහකරුවාත් එක්ව මේ ගැන කතා කර මුල සිටම තම අනාගත ගර්භණීභාවයත්, දරු උපතත් වෙනුවෙන් මුදලක් ඉතිරි කරන්න.
10. මානසික සෞඛ්‍යයත් වැදගත්!
සිරුර වගේම ඔබේ සිතත් ඉතා වැදගත්. එනිසා ඔබේ මනස ශක්තිමත් කරගැනීමත්, නිසි ලෙස එක අරමුණක පිහිටුවාගෙන කටයුතු කිරීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමේ හැකියාව වර්ධනය කර ගැනීමත් වැදගත්. මේ සඳහා ඔබ කැමති ආගමික (පූජා/ භාවනා/ යාක්ඥා) හෝ ආගමික නොවන ක්‍රම යොදා ඵන්න. නමුත් එවැනි දෙයින්ද අන්තයකට යාම සුදුසු නැහැ. නිතරම වෛද්‍ය විද්‍යාත්මක මතය මත විශ්වාසය තබා, මිත්‍යා විශ්වාස වලින් ඈත්වී සිටීම ඔබට සතුටුදායක ජීවිතයකට අත්වැලක් වේවි…

Related posts

කෘෂිකර්මයට නව තාක්ෂණය මුසු කරන හැටි ගෝඨා පෙන්වයි

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි…

Shiran Viraj

ලංකාවේම හදන වාහන මෙන්න..

Shiran Viraj