mediahumanrights.lk
Local NewsNews

කේරළ ගංජා කිලෝ 18ක් සමග පුද්ගලයෙක් මාට්ටු

ඉන්දියාවෙ සිට මෙරටට ගෙන ආ බව කියන කේරල ගංජා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ ( 19) වනාතවිල්ලුව – පුත්තලම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකළ බව පොලීසිය පවසයි.
වෑන් රථයේ තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 750 ක්ද පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය.
කේරල ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලමේ පදිංචිකරුවෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මුහුදු මාර්ගය ඔස්සේ ගෙනවිත් ඇති බව කියන මෙම කේරල ගංජා තොගය වනාතවිල්ලුව – කරතිව් ප්‍රදේශයෙන් මෙරටට ගොඩ බා ඇති බව මූලික විමර්ශන වලදී පොලීසිය විසින් හෙළි කරගෙන ඇත.
වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක විමල් වතුලියද්ද මහතාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බව අප වාර්තාකරු කියයි.
ගංජා තොගයද,ඒවා ප්‍රවාහනය කිරීම සදහා යොදා ගත් වෑන් රථය සහ සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත නානායක්කාර මහතාගේ උපදෙස් මත වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විමල් වතුලියද්ද, ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ, උප පොලිස් පරීක්ෂක ජයරත්න, පොලිස් සැරයන්වරුන් වන 41333 විජේරත්න, 4301 නිමල්, පොලිස් කොස්තාපල්වරුන් වන 33433 සෝමරත්න, 85202 රාජරත්න,  සහ 38539 විජේසිරි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා නිසා ජපාන ඔලිම්පික් තරගාවලිය ගැන දැඩි අවධානයක්

Shiran Viraj

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Shiran Viraj

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

Shiran Viraj
Translate »