mediahumanrights.lk
Local News News

කළුතර සමූල ඝාතක පාතාලයෝ රටින් පනින්න ආසන්නයි..

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තබා සමයං ඇතුළු රැදවියන් පහක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මරා දැමු පාතාල සාමාජිකයින් රටින් පැන යාමේ උත්සාහයක් දරමින් සිටින බව පොලිසිය පවසයි.
අද කොලඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ අදාල ප‍්‍රහාරයේ සියළු සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති බවයි.
මෙම සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු ව්‍යාජ ගමන් බලපත් මගින් රටින් පැන යාමේ සූදානමක් ඇතියිද පවසන ඔහු ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් සදහන් කලේය.
මෙම පිරිස් රටින් පැන යාම වැලැක්වීම සදහා කටුනායක හා මත්තල ගුවන් තොටුපලවල් වෙත සියළු විධිවිධාන තරකර ඇති බවද ඔහු වැඩි දුරටත් කීය.

Related posts

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

Shiran Viraj

ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj