29.5 C
Colombo
2026-08-07
mediahumanrights.lk
International NewsNews

මහ ඇමැති පුටුවට පෙරුම් පිරූ ශෂිකලා වසර 4 ක්‌ සිරගෙට

මිල්නාඩු මහ ඇමැතිනිය වීමට පෙරුම්පුරමින් සිටි ශෂිකලාගේ බලාපොරොත්තු සුන්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14 දා) ඇයට වසර හතරක සිර දඬුවමක්‌ හා ඉන්දීය රුපියල් කෝටි 10 ක දඩයක්‌ නියම කරනු ලැබීය.
ශෂිකලා වහාම අධිකරණය වෙත භාරවිය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 61 හැවිරිදි වියේ පසුවන ශෂිකලාට එරෙහි දූෂණ නඩුව වසර 21 ක්‌ තිස්‌සේ විභාග විය. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව නිසා ඇයට වසර 10 ක්‌ යනතුරු මහ ඇමැති ධුරයට පත්විය නොහැක.
ඉන්දීය රුපියල් කෝටි 66 ක්‌ වූ දූෂණ නඩුවේ දෙවැනි සැකකාරිය වූයේ ඇයයි. මෙම දූෂණ නඩුවට අදාළ සියලු ලියකියවිලි ඉන්දීය රහස්‌ පොලිසිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ශෂිකලා මෙන්ම මෙම දූෂණ නඩුවේ පළමු විත්තිකාරිය වූයේ හිටපු මහ ඇමැති ජයලලිතායි.

Related posts

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Shiran Viraj

තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.

Shiran Viraj

විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති

Shiran Viraj
Translate »