28.4 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

දකුණු පළාත් සභාව උණුසුම්

හාල් පොල්, පරිප්පු දකුණු පළාත් සභාවට රැගෙන ඒම නිසා අද දින පැවති දකුණු පළාත් සභාව දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. දකුණු පළාත් සභාව දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙහි දී එජනිස දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් ජීවන විදයම අහස උසට නැඟ ඇති බව පවසමින් පොල් බෑයක්, හාල්, පරිප්පු, පොල්තෙල් කුඩා බෝතලයක්  රැගෙන විත් පළාත් සභාවේ පෙන්වමින් මේ ව විට පවතින ජීවන වියදමට වියදමට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන ලදී. හාල් 100, 110 යි. පොල් 90 යි 100 යි කෙහොම ද කන්නේ.
දකුණු පළාත් සභා එජනිසා මන්ත්‍රී ෂම්මු ආරියවංශ මහතා,
සම්බා කන කොට හොම්බ බිම ඇනෙනවා. නාඩු කන කොට ඇඩෙනවා.
දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා ද රුපියල් 70 ට හාල් ගෙනා බව පවසමින් හාල් මිටයක් පෙන්වීමත් සමඟින් සභාව දැඩි උණුස්ම් තත්වයක් ඇතිවිය.
මෙහි දී තෙන්නකෝන් විපක්ෂ නායකවරයා ගෙනා හාල් සත්ව ආහාර වලටත් නුසුදුසු බව පවසමින් දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල මහතා සහ අජිත් රාජපක්ෂ මහත්වරුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පෙන්වමින් මීට වඩා හොද හාල් හැරිසන් සත්ව ආහාර වලට දුන්නා යැයි පවසමින් අදහස් දැක්වීම සිදු කරන ලදී.   විපක්ෂයෙන් ම මීට දැඩි විරෝධයක් එල්ල වු අතර එම අවස්ථාවේ දී සභාව දැඩි උණුසුම් කාරී තත්වයක් ඇතිවිය.
පසුව සභාපති වරයා විසින් චන්න සාලිය මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීම වැලැක්වීමෙන් පසු සභාව සන්සුන් වුහ.

Related posts

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!

Shiran Viraj

රනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..

Shiran Viraj

කොරෝනා මරණ 2,771 දක්වා ඉහළට – දකුණු කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් ගැන ශී‍්‍ර ලංකාවත් අවධානයෙන්

Shiran Viraj
Translate »