25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

බොල්ගොඩ ජලාශයේ ආරක්ෂිත බැම්ම යළි පිළිසකර කෙරේ

කළුතර – පනාපිටිය – බොල්ගොඩ ජලාශයේ හරස් කොට තිබූ ආරක්ෂිත වේල්ල මේ වන විට යළි පිළිසකර කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන් පානදුර – දකුණ, පානදුර – උතුර, වාද්දූව, බණ්ඩාරගම, මොරොන්තුඩුව සහ අගුරුවාතොට යන ප්‍රදේශවල ජනතාවට ගං වතුර අවදානමක් ඇති විය හැකි බවටයි පොලීසිය සදහන් කළේ.
කෙසේ වෙතත් එම තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබෙනවා.
එමෙන්ම ගිං ගඟ පිටාර ගැලීමත් සමඟ බද්දේගම නගරයට ගං වතුර ඒම වැළැක්වීම සඳහා ඉදිකර ඇති බැම්ම කැඩී යාමේ අවදානමක් පැවතිය ද එය වැලි කොට්ට දමා පිළිසකර කෙරුණා.
මේ අතර නිල්වලා ගඟ ප්‍රදේශ කිහිපයකින් පිටාර ගැලීමත් සමඟ කිඹුල් අවධානමක් ගංඟාව අවට ප්‍රදේශවල ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක පවසනවා.
ඒ හේතුවෙන් ජලය බැස ගියත් ගංඟාව අවට ප්‍රදේශවල ජනතාව ජලයට බැසීමේදී විමසිලිමත් විය යුතු බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු කියා සිටියේ.
(under the courtesy of hirunews news web)

Related posts

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Shiran Viraj

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

Shiran Viraj
Translate »