31.4 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක්  මේ වන විට පැවැත්වේ.
ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.
සහල් නිෂ්පාදකයින්,  සහල් ආනයනකරුවන්, වී මෝල් හිමියන් ඇතුළු පිරිසක් සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටින බව සඳහන්වේ.
දැනට රට තුළ මතුව ඇති සහල් ගැටළුව හේතුවෙන් සහල් නිෂ්පාදකයින් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ  අරමුණ බව මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බි.කේ.රංජිත් මහතා පැවසුවේය.
මේ අතර ඊයේ(13) වව්නියාව ප්‍රදේශයේ සංචාරයක නිරත වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සඳහන් කළේ දිවයින පුරා සතොස අලෙවිසැල් සහ සමූපකාර හරහා හිඟයකින් තොරව සහල් ලබාදීමට කටයුතු යොදා ඇති බවය.
තවද මියෙන්මාරයෙන් ආනයනය කරන සහල්වල ආසනික් ප්‍රතිශතය   ඉහළ අගයක් ගැනීම හේතුවෙන් පරික්ෂා කිරීමකින් තොරව එම සහල් වෙළෙදපලට මුදාහැරීමෙන් වලකින ලෙස රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

Shiran Viraj

යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තැබූ සැකකරු 16 දක්වා යළි රිමාන්ඩ්

Shiran Viraj

බැඳුම්කර හොරකම : අර්ජුන් ඇලෝෂියස්ට සහ රවී කරුණානායකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

Shiran Viraj
Translate »