2026-09-22
mediahumanrights.lk
Local NewsNews

ආනන්ද – නාලන්ද ගැටුමේදී පොලිස් භාරයට ගත් සිසුන් 10 දෙනෙකුට ඇප

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා අවවාද කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට නියෝග කළා.
ඒ මෙම සිසුන් ඊයේ රාත්‍රියේ මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද දිනයේ සිය දෙමව්පියන්ද සමඟ අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා මෙම සිසුන්ට තවදුරටත් දැනුම්දී තිබෙනවා.
ආනන්ද විද්‍යාලය ආසන්නයේ ඊයේ ඇතිවූ මෙම ගැටුමෙන් සිසුන් අටදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කළා.
කෙසේ වෙතත් එම සිසුන් සියලූදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.
මේ අතර ඊයේ ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයකට, පෞද්ගලික බස් රථයකට, වෑන් රථ දෙකකට සහ මෝටර් රථයකටද අලාභහානි සිදුව තිබුණා.
මේ අතර බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තවත් සිසුන් පස්දෙනෙකු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සහ කොතලාවල විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ද ඊයේ ගැටුමක් හටගෙන තිබෙනවා.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ කොතලාවල විද්‍යාලයේ සිසුන් හයදෙනෙකු ලූණාව රජයේ  රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාසල් දෙක අතර මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සැහැල්ලූ පන්දු ක්‍රිකට් තරඟයක් අවසානයේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පැය 10-15 විදුලි කප්පාදුවක්..

Shiran Viraj

මීතොටමුල්ලේ පීඩාවට පත් ජනතාව මරික්කාර් සමග අරලියගහ මැදුරට

Shiran Viraj

අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

Shiran Viraj
Translate »