26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

සයිටම් ගැන අවසන් තීන්දුවකට වෛද්‍ය සභාව අද රැස්වෙයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය 08 වනදා රැස්වූ ඔවුන් තීරණය කළේ වෛද්‍ය සභාවේ සියලූ සාමාජිකයන් සහභාගිවන රැස්වීමකදී අදාළ තීන්දුව ගත යුතු බවටයි.
එදින රැස්වූ කළමනාකරණ කමිටුවට පමණක් මෙම ගැටලූව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කළා.
ඒ අනුව වෛද්‍ය සභාව අද රැස්වන බවයි එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
– හිරු ප්‍රවෘත්ති

Related posts

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

Shiran Viraj

මුස්ලිම් මන්ත්‍රිවරු සහ ඇමතිවරු ජනපතිට සහ අගමැතිට ලිපියක් යවයි

Shiran Viraj

ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්ව සමතුන්ට මුදල් ආධාර

Shiran Viraj
Translate »