26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

රජයේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාගේ විශ්වාසය පළුදු වෙලා

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මහජනයාට ගොඩනැඟී ඇති විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන් පළුදු වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අද (14) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, මුදල් අමාත්‍ය රවී කරැණානායක මහතා විසින් ඉතිහාසයේ පළමුවරට අයවැය ලේඛනයෙන්  රුපියල් 5 ක බද්දක් සෑම ලොතරැයි පතක් සඳහාම පැනවීමත් මෙය තම ජීවන උපාය කර ගත් මිනිසුන් දැඩි අපහසුතා පත් වු  බවයි. එයට පිළියමක් වශයෙන් ජනාධිපතිවරයා මැදිහත්ව  රුපියල් 30 තිබු ලොතරැයි පතක මිල  රුපියල් 20 දක්වා අඩු කරන ලෙස නියෝග කර සිටි අතර එයට අකමැත්තෙන් වුවද කැමති වීමට සිදුවු බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් මුද්‍රිත මිල රුපියල් 20 ක් යනුවෙන් සඳහන් වුවද සමහර ලොතරැයි  රුපියල් 30 ත් තවත් සමහර ලොතරැයි මිල සඳහනක් නොමැතිව ද මහජනයා අතරට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
මේ හේතුව නිසා ජනතාවට රජය කෙරෙහි තිබු විශ්වාසය නැති වී ඇති බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේ පවතින ආණ්ඩුවේ ක්‍රියා කලාප තුළින් රටේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවයි.

Related posts

ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවි

Shiran Viraj

එදා හිල් වුණු යටඇඳුම් ගැන කියූ ඇමැතිවරු අද කෝටිපතියන් වෙලා: රාජිතගෙන් දැඩි විවේචනයක්

Shiran Viraj

සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයි

Shiran Viraj
Translate »