27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

දොස්තර නිවාඩු නිසා හදිසි සිසේරියන් සැත්කම මගහැරුණ දරුවා මව් කුසේදී මිය ගිහින්

වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා හදිසි සිසේරියන් සැත්කමකින් ලබා ගතයුතුව තිබුණ තම බිරියගේ කුසේ සිටි දරුවා එසේ ලබා නොගෙන පමාවීමෙන් පසුව මළ මුත්‍ර පෙවීමෙන් මළ දරු උපතක් ලෙස ලැබුන බව කෑගල්ල මහ රෝහලේ පැවැති මරණ පරීක්‍ෂණයකදී පියෙකු සාක්ෂි දෙමින් පවසා තිබේ.මාවනැල්ල මූලික රෝහලේදී මෙම දරුවා ලැබෙන්නට නියමිතව තිබී ඇත්තේ පෙබරවාරි 09 වන දිනදීය.
බිරිය සමඟ පෞද්ගලික වෛද්‍යවරයා මුණගැසීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා  මාවනැල්ල මූලික රෝහලට ගොස් නතර වෙන ලෙස තම බිරියට දන්වා සිටි බව කියන දරුවාගේ පියා සිය බිරිය (10දා) උදේ මාවනැල්ල මූලික රෝහලේ නතර කළ බවත් එදින සවස සිට බිරියට ප්‍රසව වේදනාව සැදුන බවත් 11 හා 12 දින දෙකේ හොඳටම අමාරු තිබියදී වෛද්‍යවරයා කැඳවන්නේ නැත්තේ ඇයිදැයි විමසීමේදී ඔහු නිවාඩු ලබා තිබෙන බව දන්වා තිබුණ බවත් කියා සිටියා.
සැත්කමක්වත් නොකර දරුවා ලබා නොගත්තේ ඇයිදැයි තමාට තේරුම් ගන්නට අපහසුවූ බව ත් වෛද්‍යවරයා පෙබරවාරි 10, 11, 12 යන දින තුන නිවාඩු ලබා පසුව ඔහු (12දා) රාත්‍රියේ රොහලේ සිටි වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ සැත්කමක්වත් කරන්න කෙනෙකු නැති නිසා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවන ලෙසයි. පසුව රෝහලේ වෛද්‍යවරුද ගැබිනි මව කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති නමුත් එහි වෛද්‍යවරු පරීක්‍ෂා කර දන්වා ඇත්තේ දැන් පමා වැඩි බවත් දරුවා කුස තුළ මියගොස් ඇති බවත්ය.
එම අවස්ථාව වනවිට සැත්කමක් කර දරුවා ලබා ගත්තත් පලක් නැති බව දන්වා ඇත. ඒ අනුව සාමාන්‍ය ලෙස දරුවා ලැබෙන්න ඉඩ හැරීමෙන් පසු 13දා ගැබිනි මව මළ දරු උපතක් සිදුකරන ලදි. දරුවාගේ පියා වූ මාවනැල්ල, ගම්මානගොඩ පදිංචි ත්‍රිකුණාමලය පාබල යුද හමුදා කඳවුරේ සේවය කරන දෙමෝදර විජේසිංහලාගේ වසන්ත කුමාර නමැති 25 හැවිරිදි හමුදා සෙබළා මෙය වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා සිදුවූ මරණයක් ලෙස දන්වා සිටින ලදි.
මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල මහ රෝහලේ දී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අගලියවන්න මහතා සිදු කළ අතර කුසේ සිටියදී මල මුත්‍ර පෙවීමෙන් හා වැදෑමහ පෝෂණය හීනවීමෙන් සිදුවූ මරණයක් ලෙසය.

– ගොසිප් ලංකා News

Related posts

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Shiran Viraj

කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්

Shiran Viraj

කලබල වෙන්න එපා!"ජනාධිපති රාජපක්ෂලා හිරේ දානවා"

Shiran Viraj
Translate »