27.2 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

දේශපාලඥය. රාජ්‍ය නිලධාරීන් කොටු කරන්න නව නීති

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති සකස් කිරීමට යයි. දැනට පවතින නීති යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන පුද්ගලයකුට ඉතා සුළු දඩ මුදලක් අය කෙරේ. මේ නිසා එම ප්‍රකාශ නියමිත පරිදි ලබාදීමට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් උනන්දුවක් නොදක්වන බව පෙනී ගොස් ඇති නිසා මෙසේ නීති වෙනස් කිරීම කෙරෙහි අදාළ අංශවල සැලකිල්ල යොමුවී ඇත. ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වී මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් දේශපාලනඥයන් තුන්සිය දෙනකු සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ ක්‍රියා කිරීම සඳහා ඔවුන්ගේ නාම ලේඛනයක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.
දේශපාලන පක්ෂවල නිලධාරීන් පිරිසක්ද මේ වනතෙක් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී නොමැති බව සඳහන් කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවස්ථා කිහිපයක්ම මේ පිළිබඳව ඔවුන් දැනුවත් කළ බවත්, තවත් සති දෙකක කාලයක් එනම් මේ මස 28 වැනිදා තෙක් එම ප්‍රකාශ ලබාදීමට ඔවුන්ට කාලය ලබාදීමට කොමිෂන් සභාව තීරණය කොට දැනුම් දී ඇති බවත් පැවැසීය.
එදින වනවිට වත්කම් බැරකම් ලබානොදෙන අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා ඔවුන්ගේ නාම ලේඛනයක්ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත යොමුකරන බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා පක්ෂ ලේකම්වරුන් අතර පැවැති සාකච්ඡාවකදී දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදීම සම්බන්ධයෙන් දැනට ලබාදෙන දඬුවම ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා දැනට වඩා දැඩි දඬුවම් නියම කළ යුතු බවට අදහස් ඉදිරිපත් වී ඇත.
ඒ සඳහා අවශ්‍ය නීති සකස් කළ යුතු බවටද එම සාකච්ඡාවේදී යෝජනා වී ඇත.
– ගොසිප්Cලංකා

Related posts

ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..

Shiran Viraj

කොරෝනා මැද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300ක් නිම කලා…

Shiran Viraj

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

Shiran Viraj
Translate »