28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්‍රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වය


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක වීසා තහනම මේ වන විට අමෙරිකානු දේශපාලනය මතභේදකාරී තත්ත්වයකට ඇද දමා තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ ලොව මුස්ලිම් රටවල් 7කට බලපැවැත්වෙන පරිදි පැනවූ තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් වොෂින්ටන් ෆෙඩ්රල් අධිකරණයක් අදාළ තහනම අත්හිටුවමින් පසුගිය සිකුරාදා වාරණ නියෝගයක් නිකුත් කළේ ය.
පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් එකී තහනම යළි බලාත්මක කරන්නැයි ඉල්ලා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කළ ද අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ ය.
මේ වන විට වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත කිහිපයක් ට්‍රම්ප්ගේ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ, ට්‍රම්ප්ගේ නියෝගය සම්පූර්ණයෙන් අහෝසි කරන ලෙස ය.
මේ වන විට අදාළ පෙත්සම සැන්ෆ්‍රැන්සිස්කෝහි අභියාචනාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර මෙම නියෝගය මුස්ලිම් ජාතිකයින්ට එරෙහි වීමක් හෝ වෙනස් ලෙස සැලකීමක් දැයි අභියාචනාධිකරණය ට්‍රම්ප්ගෙන් විමසා ඇත.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අභියාචනය විභාග වන අතර අධිකරණය හමුවේ ප්‍රකාශ වී ඇත්තේ, මෙම නියෝගය ලෝක මුස්ලිම් ප්‍රජාවගෙන් 15%කට පමණ බලපාන්නේ නම් එය වෙනස්කම් කිරීමක් වන බව ය.
ඉදිරි දින කිහිපයේදී පෙත්සමට අදාළ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වනු ඇති.
ජනාධිපතිවරයාගේ පාර්ශවයේ නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ පවසා ඇත්තේ, රටට ඇතුළු වන පුද්ගලයින් පාලන කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කොංග්‍රසය විසින් ජනාධිපතිවරයාට පවරනු ලැබ ඇති බැවින් ජනාධිපතිවරයාගේ තහනම් නියෝගය යළි බලාත්මක කිරීමට කටයුතු කරන ලෙස ය.
ඒ අනුව යමින් ජනාධිපතිවරයා ඉරනය – ඉරාකය- ලිබියාව – සෝමාලියාව – සුඩානය- සිරියාව සහ යේමනය යන රටවලට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය පැනවූ බව එහිදී අධිකරණයට දැනුම් දෙන ලදි.
වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා පවසා ඇත්තේ, දැනට අමෙරිකාවේ සිටින බොහෝ සෝමාලියානු ජාතිකයින් අල්- ෂබාබ් ත්‍රස්තයින් සමග සබඳතා පවත්වන බව ය.
මේ අතර අභියාචනය ගොනු කළ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ, ජනාධිපතිවරයා පැනවූ තහනම් නියෝගය අත්හිටුවීම තුළින් අමෙරිකාවට හානියක් සිදු නොවන බව ය.
සොලිසිටර් ජනරල්වරයා පැවසුවේ, ජනාධිපතිවරයා හදිසියේ ම පැනවූ තහනම හේතුවෙන් අධ්‍යාපන කටයුතු ඇතුළු මෙන් ම විවිධ අවශ්‍යතා වෙනුවෙන් වොෂින්ටන් වෙත පැමිණීමට සූදානමින් සිටි පිරිසගේ ගමන් කල්යාම තුළින් දහස් ගණනක් වූ ප්‍රාන්ත වැසියන් බලපෑමට ලක්ව සිටින බව ය
පැයක පමණ කාලයක් තිස්සේ පැවති විවාදයේ අවසන් මිනිත්තු කිහිපයේදී විවාදය වඩාත් උණුසුම් වී ඇති අතර අගතියට පත් පාර්ශවයෙන් ප්‍රකාශ වී ඇත්තේ, සංචාරක තහනම ව්‍යවස්ථා විරෝධි බව ත් ය.
කෙසේ වෙතත් සොලිස්ටර් ජනරාල්වරයා පවසා ඇත්තේ, ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේදී ද මුස්ලිම් තහනමක් පිළිබඳ පොරොන්දු ලබා දුන් බව ය.
මේ අතර ට්‍රම්ප් පාර්ශවයේ නීතිඥවරයා යළි නැගී සිටිමින් පවසා ඇත්තේ, ත්‍රස්ත තර්ජන මත පදනම්ව ඔබාමා පලනය මෙන්ම කොංග්‍රසය වීසා සීමා කිරීමට සුදුසුකම් ලබා තිබූ රටවලට පමණක් මෙම තහනම පනවා ඇති බව ය.
එහිදී ඔහු වැඩිදුරටත් විමසා ඇත්තේ, පසුගිය ඔබාමා පාලනය මෙන් ම කොංග්‍රසයේ එම තීරණය ආගමික පදනම මත පිහිටා ගන්නා ලද්දක් ලෙස ඔබ තරයේ ප්‍රකාශ කරන්නේ දැයි විමසා ඇත.
සොලිසිටර් ජනරාල්වරයා ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙමින් පවසා ඇත්තේ, පසුගිය පාලන කාලය තුළදී සම්පූර්ණ තහනමක් පනවා නොමැති බවත් වත්මන් ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් ම තහනම් කර ඇති බවත් ය.
ඉරාකය, සිරියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, යේමනෙ වැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ට්‍රම්ප් මෙම තහනම පැනවී ය.
ජනවාරි 27 වන දා ට්‍රම්ප් මෙම තහනම පැනවීමත් සමග ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල නොසන්සුන් තත්ත්වයක් හටගත්තේ, අමෙරිකාවට යාම සඳහා පැමිණි මගීන් ගුවන් යානාවලට ඇතුළු කර නොගැනීම හේතුවෙනි.
පසුව පසුගිය සිකුරාදා අදාළ නියෝගය වළක්වමින් වොෂින්ටන් ෆෙඩ්රල් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර එමගින් අමෙරිකාවට පැමිණීමට සූදානමින් සිටි අදාළ රටවල පුරවැසියන්ට අමෙරිකාවට පැමිණීමට නීතිමය අවසරය ලැබිණ.
ට්‍රම්ප්ගේ නියෝගය සම්පූර්ණයෙන් අහෝසි කරන ලෙස ඉල්ලා අදාල ප්‍රාන්තය අභියාචානාධිකරණය හමුවට පැමිණ තිබේ.

Related posts

සුළි කුනාටුව ඉන්දියාවට

Shiran Viraj

දේශීය සහල්වලට අද සිට වෙනම පාලන මිලක්

Shiran Viraj

කුමා ධර්මසේන ක්‍රිකට් වාර්තා පොතට

Shiran Viraj