32.2 C
Colombo
2026-10-01
mediahumanrights.lk
International NewsNews

ඉරාන ජනාධිපති හෙලිකොප්ටරය සමග අතුරදන්.. ඉරානය කැළඹෙයෙි.. ජනතාව යාඥාවල..

ඉරාන ජනාධිපති ඊබ්‍රාහ්ම රයිසි මහතා අතුරුදහන් වීමත් සමග එරට ජනතාව දැඩි ලෙස කලබල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉරාන ජනතාව යාඥා කිරීමට සිදුකරන බවයි.

ජනාධිපතිවරයා විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග අනතුරට ලක්වූ හෙලිකොප්ටරය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

යානය අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම හදිසියේ ගොඩබස්වා තිබින.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇත.

බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන හමුදා ඒකක 40ක් මේ වනවිට ක්‍රියාන්විතයක් අරඹා ඇත.

ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

Related posts

පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනා

Shiran Viraj

කිලෝ හතරක ගෙඩිය ඉවත් කළ නිසා කොන්ද පන නැති වෙලා ඉංජිනේරුවෙක් වෙන්න හීන දකින නයනකාන්ත

Shiran Viraj

අඩි උසැති සපත්තු පැළඳීමෙන් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු රැසක්‌

Shiran Viraj
Translate »