mediahumanrights.lk
Local News News

සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…

දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ සමාජ ජාලා වෙත පිවිසීමේ වාරණය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද පස්වරු 03.30 සිට මෙම වාරණය ඉවත් වන බවත් තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත සිල්වා විසින් දන්වා තිබේ.

මේ අතර මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දී ඇත්තේ වහාම සමාජ මාධ්‍ය යථා තත්ත්වයට පත්කරන ලෙසයි.

විදුලි කප්පාදුව ගැන පාරිභෝගිකයන්ට දැනුම් දීමේ අපහසුවක් ඇති බැවින් මෙම වාරණය ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

විදුලි සංදේශ නියාමන කොෂන් සභාව සහ සියලුම අන්තර්ජාල පහසුකම් සපයන්නන් ගෙන් එම කොමිසම විසින් ඉල්ලීමක් කර තිබිණි.

Related posts

සියදිවි නසා ගැනීමේ සිදුවීම් වාර්තා නොකරන්න

Shiran Viraj

මෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයි

Shiran Viraj