mediahumanrights.lk
Local NewsNews

සියදිවි නසා ගැනීමේ සිදුවීම් වාර්තා නොකරන්න

සියදිවි නසා ගැනිමේ සිදුවිම් ජනමාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය හරහා පල කිරිමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කර තිබේ.
මෑත කාලයේ ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙල තබා සිය ජිවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාල මාධ්‍ය හරහා ද ප්‍රචාරය වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
සියදිවි නාසා ගැනිම්වලට මාධ්‍ය මඟින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමෙන් සිදු වන්නේ තවදුරටත් එවැනි සිදුවිම් සමාජය තුළ ප්‍රචලිතවිම බව එම අධිකාරිය පෙන්වා දෙයි.
විවිධ ගැටළු හා ප්‍රශ්නකාරි මානසිකත්වයන් තුළ සිටින පුද්ගලයින්ට එය සිය දිවි නාසා ගැනිමට පෙළඹවිමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
යම් පුද්ගලයෙකුට මානසිකව අපහසුතා ගෙන දෙන අවස්ථා වෙතොත් උපදේශන සේවා ලබා ගැනිමේ යාන්ත්‍රණයක් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ක්‍රියාත්මක අතර එවැනි උපදේශන සේවා වෙත යොමු වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකුට එවැනි ගැටළුකාරි අවස්ථාවන්වලදී  1929 අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මානෝ සමාජීය ඒකකයේ සහය ලබා ගත හැකි බව ද එම අධිකාරිය දැනුම් දෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

Shiran Viraj

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාල

Shiran Viraj

කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..

Shiran Viraj
Translate »