mediahumanrights.lk
News Political

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයි

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරයි.

එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලෝකයේ බොහෝ රටවල අහිමි කර ඇති බවයි.

එනිසා මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව පිවිසීමට ඉඩ ලැබීමට එකඟ විය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මීළඟ මධ්‍යම කාරක සභාවේදි කටයුතු කරන බවද ඔහු පැවසීය.

lanka lead news

Related posts

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj

රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

Shiran Viraj

තව දුරටත් ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද? – නිදහස් පක්ෂ ඇමතිවරු සහ මන්ත්‍රිවරු එකඟතාවයකට එයි

Shiran Viraj