mediahumanrights.lk
Local NewsNews

සිසුවෙකුගේ PCR වාර්තාව එන තෙක් යාපනය සරසවියේ කිලිනොච්චි මණ්ඩපය තාවකාලිකව වසයි

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බවයි කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj

‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල

Shiran Viraj

ඒජන්සි හරහා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තහනම් : රැකියා අවස්ථාවන් විදේශ සේවා කාර්යාංශය මගින් පමණයි

Shiran Viraj
Translate »