mediahumanrights.lk
Local News News

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත.

එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා සමඟ සමීපව ඇසුරු කළ පිරිස් බව එම අංශය සදහන් කරයි.

ඔහු සමඟ ඉන්දුනීසියාවේ සංචාරය කළ පස් දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් මෙම දස දෙනා අතර වෙයි.

කෙසේ වෙතත් මෙම ආසාදිතයන් කිසිවෙකුත් මූලික රෝග ලක්‍ෂණ කිසිවක් මේ දක්වා පෙන්වා නැති අතර නිරෝධායන කර සිටි පිරිසකගෙන් අහඹු ලෙස කරන ලද පරීක්‍ෂණවලදී මේ බව හෙලිව තිබේ.

අද පස්වරුවේ වාර්තා වූ එම ආසාදිතයන් දස දෙනා සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 142 දක්වා ඉහළ ගියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ත්‍රී රෝද ගාස්තුව ජූලි 10 සිට රු.10න් ඉහළට

Shiran Viraj

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

Shiran Viraj

ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්න

Shiran Viraj