mediahumanrights.lk
NewsPolitical

බොරු ප්‍රකාශ කලේ යයි වසන්ත සමරසිංහට එරෙහිව නඩු…

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබේ.

ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සදහා අත්සන් යෙදීම සදහා මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බවද එන්තරවාසියේ සදහන් වේ.

මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සදහා පිටත් කර යවා තිබෙන බවද, එසේ විශාල පිරිසක් විදේශ රැකියා සදහා යොමු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර වෛරය ඇති කිරීම සදහා මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙන බවද එන්තරවාසියේ දැක්වේ.

අසත්‍ය ප්‍රකාශ කරමින් අපකීර්තියට ලක් කිරීම සමබන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුළත ලබාදීමට කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවද වසන්ත සමරසිංහ වෙත යොමු කළ එන්තරවාසියේ දැක්වේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ නානායක්කාර මහතා කටයුතු කළ අවස්ථාවේදී විදේශ රැකියා ජාවාරම් වැලැක්වීම සදහා දැඩිව කටයුතු කළ අයෙක් වන අතර එවැනි ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සදහාද අවශ්‍ය දායකත්වය ලබාදුන්නේය.

– Midea unit

Related posts

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ බව ඉරානය තහවුරු කරයි

Shiran Viraj

දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේ

Shiran Viraj

රවිගේ යෝජනාවට රවිම විරුද්ද වෙයි..

Shiran Viraj
Translate »