mediahumanrights.lk
Local News News

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

කිසියම් පිරිසක් විසින් ඊයේ (21දා) උදෑසන හා පෙරේදා මුලතිව් මුහුද ගොඩගලන අවදානමක් ඇති බවට පැවැසීමෙන් ඊයේ උදෑසන මුලතිව් නගරයම දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබිණි.
ඊයේ උදෑසන සිට මේ වන තුරම මුලතිව් නගරයේ කිසිදු වැසියකු දැකගන්නට නොහැකි වූවේ පෙරේදා සවස කිසියම් පිරිසක් විසින් සුනාමි අවදානමක් ඇති බවට ජනතාව බිය ගැන්වීම නිසාවෙන් සියලු වැසියෝ ඊයේ ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස් තුළටම වී සිටීමෙනි.
කෙසේ වෙතත් මුලතිව් පොලිසිය කියා සිටියේ කිසිදු සුනාමි අවදානමක් නොමැති බවටත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති හෙයින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසට ජනතාව දැනුම්වත් කළ බවත්ය.
පසුගිය දිනයන්හි ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා මුලතිව් ධීවරයන් හා ජනතාව යම් බියකින් පසුවන බවටද දැන ගන්නට ඇත.
සුනාමි බිය හේතුවෙන් ඊයේ දිනයේදී ජනතාවගේ දෛනික කටයුතුවලටද බාධා සිදු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයි

Shiran Viraj

කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

Shiran Viraj

ගුරුකමක් නිසා මැරි මැරී උපදින ජනප්‍රිය ගීත රචකයාගේ බිරිඳ හෙළි කළ ඇඟ කිලිපොලා යන කතාවක්

Shiran Viraj