mediahumanrights.lk
Local NewsNewsPolitical

පළාත් පාලන සංසදයෙන් අනතුරු ඇඟවීමක්

තවත් දින කිහිපයකින් පළාත් පාලන ආයතන විසිරුවා හැර වසර දෙකක් ගත වී ඇති බවත් පළාත් පාලන ඡන්දය කඩිනමින් නොපවත්වන්නේ නම් ඡන්දය පවත්වන තුරු රටේ සියලු ජනතාව හා එක්ව පළාත් පාලන ආයතනය වටලා විෂයබාර අමාත්‍යවරයා සිරකර තබන බවත් සමස්ත ලංකා පළාත් පාලන සංසදනයේ සභාපති උදේනි අතුකෝරාළ මහතා පවසයි.
අභයාරාමයේ දි  අද(07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ජනවාරි 8 වන දා ජනතාවගේ අයිතීන් සුරකින බව පවසමින් බලයට පැමිණි වත්මන් රජය අද වන විට ජනතාවගේ සියලු අයිතීන් කප්පාදු කර ඇති අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නොයෙක් කරුණු කියමින් ඡන්දය මඟ හරිමින් සිටින බවටත් අතුකෝරාළ මහතා චෝදනා කර සිටියේ ය.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් හිටපු මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය කියා සිටියේ පසුගිය ආණ්ඩුව මැතිවරණ නොතිබු විට ඒ සම්බන්ධයෙන් බටහිර මානව හිමිකම් කොමිසම්වලින් මෙවැනි නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරන බවත් අද රටේ ජනතාවගේ ඡන්ද අයිතිය අහුරා දමමින් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති මොහොතක ඒ වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඩයස්පොරාවන්ගේ අවශ්‍යතාවය මත බවත්ය.
(under the courtesy of adaderana news web)

Related posts

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

Shiran Viraj

ඇමරිකාවත් ටික් ටොක් තහනම් කිරීමට යයි

Shiran Viraj

ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේ

Shiran Viraj
Translate »