2026-09-16
mediahumanrights.lk
Local NewsNews

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

රාත්‍රී ආහාර වේලක් ලබා ගැනීමට මව සමග අනුරාධපුර නව නගරයේ රාත්‍රී ආපන ශාලාවකට පැමිණ සිටි බාලවයස්කාර දැරියකගේ ශරිරිය මිරිකා පලාගිය තරුණයෙකු අල්ලාගත් නගර වැසියන් පිරිසක් ඔහුට රාත්‍රීයේ ගුටි පුජාවකින් සංග්‍රහ කලහ.
බාලවයස්කාර දැරිය මව සමගින් අනුරාධපුර නව නගරයේ පිහිටි රාත්‍රී ආපන ශාලවට රාත්‍රීයේ පැමිණ ඇති අතර මව ආහාර රැගෙන ඒමට යතුරු පැදිය නවතා ආපනශාලාවට ගොස් ඇත.
දැරිය යතුරු පැදිය උඩටවී වාඩිවී සිටිද්දී තරුණයා එම ස්ථානයට පැමිණ දැරියගේ පිටුපස ප්‍රදේශය අතගා මිරිකා දිවගොස් තිබේ.
ඉන් බියට පත්වූ ඇය කෑගසද්දී මව ආපන ශාලාවේන් පිටතට පැමිණ සිය දියණියට අතවර සිදුකර පලායන තරුණයා පිටුපස යතුරු පැදියේ නැගී එලවාගෙන ගොස් යතුරු පැදිය හරස්කර ඔහුව අල්ලාගෙන තිබේ.
ඇය පසුපස පැමිණි ආපන ශාලාවේ සේවකන් හා නගර වාසීන් පිරිසක් තරුණයා වටකර අල්ලා ගෙන හොදහැටි අල්ලාගෙන පහරදුන් අතර පහරපිට පහරකෑ තරුණයා ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී නගරයේ අතුරු මාර්ගයක් ඔස්සේ පලා ගියේය.

Related posts

හිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයි

Shiran Viraj

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

Shiran Viraj

සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමති

Shiran Viraj
Translate »