26.7 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

සිගිරියේ සංචාරයට ආපු චීන ජාතික මිතුරියගේ මුදල් හොරා ගත්ත චීන තරුණියට වැඩ වරදියි

තම මිතුරියගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතික විසිපස් හැවිරිදි තරුණියක් සීගිරිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

චීන ජාතික සංචාරක  කණ්ඩායමක්  සීගිරිය ප්‍රදේශයේ නැරඹීම සඳහා පැමිණ ඇති අතර පසුව මෙම කණ්ඩායම සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන ඇතැයි පොලිසිය කියයි.

සංචාරක හෝටලයේ කාමරයක වයස අවුරුදු 25 වියේ පසුවන තරුණියන් තිදෙනෙකු  එකම කාමරයක ලැගුම් ගෙන ඇත.

ඔවුන් තිදෙනා සිටි කාමරයේ එක් තරුණියකගේ මුදල් රුපියල් එක්ලක්ෂ හැට අට දහසක මුදලක් සහ චීන මුදල් 2520 ක මුදලක් අතුරුදන්වී ඇතැයි එම තරුණිය සංචාරක හෝටලයේ කළමනාකාරවරයාට පැමිණිලි කර තිබේ.

තම සේවක සේවිකාවන් සමඟ පිරිස ද සංචාරක හෝටලයේ කාමර ද පරික්ෂා කළ ද මුදල් නොතිබූ තැන සංචාරක හෝටල් කළමණාකරු මේ පිළිබඳව සීගිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සංචාරක හෝටලයට පැමිණ පරික්ෂණ පවත්වා ඇත .

ඒ අතරතුර දී මෙරටට චීනයේ සිට සංචාරය සඳහා පැමිණ සිටි කණ්ඩායම පිටත්ව යන්නට සූදානම් වෙද්දී පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ පැමිණි සියලු  දෙනාම පරීක්ෂාවට ලක් කළ යුතු බවය.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් සංචාරකයන් පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදී එක් තරුණියක් එකවරම බඩේ අමාරුවක් සෑදී ඇති බව පවසමින් හෝටලයේ වැසිකිලියට දිව ගොස් තිබේ .

ඒ අනුව සැක හිතු පොලිසිය ඇය පිටුපස කාන්තා පොලිස් නිලධාරිනියක යවා තිබේ.

එහිදී හෙළිදරව් වී ඇත්තේ වැසිකිළියේ ඇති   බඳුනකට ලේන්සුවක ඔතා මෙම මුදල් දමා තිබෙන ඇති බවත් ඒ අනුව සැකපිට චීන ජාතික මෙම තරුණිය පොලිස් බාරයට ගෙන තිබේ.

ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තම මිතුරියන් ළඟ මුදල් විශාල වශයෙන් තිබෙන නිසා තමන්ට ආශාවක් ඇතිව එම මුදල් සොරා ගත් බවය.

කෙසේ වෙතත් සීගිරිය පොලිසිය කියා සිටියේ මුදල් අතුරුදන් වූ  චීන ජාතික තරුණියගෙන් ප්‍රකාශ සටහන් කොට සැකපිට අත්අඩංගුවට ගත් තරුණිය 20 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ය.

සැකකාර චීන ජාතික තරුණිය සීගිරිය පොලිසියේ අත්අඩංගුවේ පසු වෙද්දී  ඔවුන් සමග පැමිණි සෙසු චීන ජාතික සංචාරකයන් ඔවුන්ගේ  සංචාරක කටයුතු සඳහා ප්‍රදේශයෙන් පිටත්ව ගිය බව පොලිසිය කියයි.

මේ පිලිබදව සිගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් .කේ .සි .ටි .රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්

Shiran Viraj

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

Shiran Viraj

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

Shiran Viraj
Translate »