mediahumanrights.lk
News

හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌….

 මිනුවන්ගොඩ වාහන එකලස්‌ කිරීමේ ආයතනය ඇමැති මණ්‌ඩලයද නොමඟ යවමින් ව්‍යාජ ලිපි ලේඛන මත පවත්වාගෙන ගිය මුළුමනින්ම නීති විරෝධී ආයතනයක්‌ බව ශ්‍රී ලංකා රේගුවේ නිදහස්‌ සේවක වෘත්තිය සමිතිය සඳහන් කරයි.
මෙම ආයතනය මගින් ඇමැති මණ්‌ඩලය පමණක්‌ නොව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආනයන අපනයන පාලකවරයාද රවටා ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
වත්මන් රජය බලයට ඒමෙන් පසු ඉකුත් 2016-11-6 වැනිදා මෙම ආයතනය නීත්‍යනූකූල එකක්‌ බවට ඉදිරිපත් වූ කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඇමැති ඹණ්‌ඩලය විසින් සම්මත කර ඇතැත් ඒ වන විටත් එය නීත්‍යනුකූල නොවන ආයතනයක්‌ බව ශ්‍රේෂඨාධිකරණය මගින් තීන්දු කර තිබුණු බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට මිනුවන්ගො වාහන එකලස්‌ කිරීමේ මෙම නීති විරෝධී ආයතනය නිසා රජයට අහිමි වී තිබෙන බදු ආදායම පමණක්‌ රුපියල් මිලියන 6550 ක්‌ පමණ වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ දක්‌වා මෙම ආයතනයේ හිමිකරු විසින් නීත්‍යනුකූල නොවන අන්දමින් එය පවත්වාගෙන ගොස්‌ ඇත්තේ මුදල් අමාත්‍යංශය මහභාණ්‌ඩාගරය ඇතුළු රජයේ ඉහළම තැන්වල ප්‍රධානීන්ගේ සහයෝගය උපරිමයෙන්a ලබාගෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
පානදුර වලාන පොලිස්‌ දූෂණ මරරදන ඒකකය සහ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංහය මගින් මෙම ආයතනය පසුගියදා වටලා එහි තිබූ මොටර් රථ අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය හමුවක්‌ කැඳවූ මුදල් ඇමැති රවි කරුණානායක මහතා එය නීත්‍යනුකූල එකක්‌ බව පවසා ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය නීත්‍යනුකූල නොවන බවට තීන්දු කර තිබියදී මුදල් ඇමැතිවරයා එසේ පුදුම සහගත බවද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.
– දිවයින

Related posts

කොදෙව්වන්ට ලකුණු 106 ජයක්

Shiran Viraj

ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Shiran Viraj

Travel News – How this family of 3 can afford to travel the world year-round

Shiran Viraj
Translate »