28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියට

පළාත් පාලන ආයතන 340 සඳහා මෙවර ඡන්ද විමසීමේදී තේරී පත්වූ සභිකයින් ලබන මස 5 වන දා රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පළාත් හා පළාත් පාලන ආමාත්‍යංශ්‍ය පවසයි.
එහි ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ, ඊට අදාල ගැසට් නිවේදනය ලබන 14 වන දා නිකුත් කරන බවයි.
අලුතෙන් පළාත් පාලන ආයතනයක් පත් වූ පසු එහි සභිකයින් තේරී පත් වූ බවට මැතිවරණ කෙමෙිෂන් සභාව ගැසට් නිවේනයක් නිකුත් කළ යුතු වේ.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා 222 කට අධික සංඛ්‍යාවක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.
එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන සංඛ්‍යාව 41 ක ජය තහවුරු කර ගත් අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 34 ක ජය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන 7 ක් ජය ගනිද්දී ලංකා කම්කරු කොංග්‍රසය ද ආයතන 5 ක් දිනාගෙන තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආයතන 4 ක බලය හිමිව ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 3කි.
ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 5 ක බලය තහවුරු කර ගත්තේ ය.
පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්විය.
මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැද සිටි අපේක්ෂකයින් ගණන 57,252කි.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

Shiran Viraj

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

Shiran Viraj

අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයි

Shiran Viraj
Translate »