25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයි

ශි‍්‍ර ලංකාවේ සංචාරයකට  පැමිණි ජර්මන් ජාතිකයෙකගේ ව්‍යාජ  මග පෙන්වන්නෙකු  විසින් දින දෙකකට පසු පොලොන්නරුවට යන ගමනෙදි  හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ දි  තම මුදල් පසුම්බිය සහ ගමන් මල්ල සොරකම් කර පලාගිය බව පවසමින් ජර්මන් ජාතිකයා විසින් (11) දින අලුයම පැමිණිල්ලක් කල බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
ජර්මන් ජාතික එමිමානුවෙල් (22) පවසා ඇති පරිදි තමන් මීට දින කිපයකට පෙර ශි‍්‍ර ලංකාවේ සංචාරය සඳහා පැමිණි බවත්ය.
තමන් හට හැටන් ප‍්‍රදේශයේ දී  හමු වු මඟ පෙන්වන්නේකු සමඟ දින දෙකක් ඔහුගේ මඟ පෙන්විම මත හැටන් ප‍්‍රදේශයෙන් සිගිරිය ප‍්‍රදේශයටත්  පසුව තුන්වෙනි දින රාති‍්‍රයේ  පොලොන්නරුවට යැම සඳහා හබරණ සිටි ති‍්‍රවිල් රථයකින් (11) දින අළුයම  හිගුරක්ගොඩ හරහා පොලොන්නරුවට ගමන් කරමින් සිටියදි මඟ පෙන්වන්නා ති‍්‍රවිල් රථයෙන් බැස තම ගමන් මල්ලත් සහ එහි තිබු මුදල් පසුමිබියත් රැගෙන ති‍්‍රවිල් රථයෙන් බැස පලා ගිය බව සඳහන් කර සිටී.
වහාම කි‍්‍රයාත්මක වු හිගුරක්ගොඩ පොලිසිය ති‍්‍රවිල් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන විමර්ශන ආරමිභ කලත් ති‍්‍රවිල් රථ රියදුරා සොරකමි කල පුද්ගලයා නොදන්නා බවත් එම පුද්ගලයා හිගුරක්ගොඩ ජයවික‍්‍රම හංදිය ප‍්‍රදේශයෙන් බැස පලා ගිය බවයි.
කෙසේ නමුත් පොලොන්නරුව දිස්ති‍්‍රක්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන මහතාගේ නියෝග පරිදි හිගුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි තිස්ස ලාල් සිල්වාගේ උපදේස් පරිදි හිගුරක්ගොඩ මුලස්ථාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ මෙහෙයවිමෙන්  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයන්ත දසනායක  පොලිස් සැරයන්  ජයසිංහ පොලිස් කොස්තාපල්  51138 පි‍්‍රයන්ත,84706 පුෂ්පකුමාර ඇතුඑ නිළධාරින් පරික්ෂණ පවත්වයි.
එම පරික්ෂණ අනුව ජර්මන්  ජාතියකයා සහ සැකකරු ගමන් ගත් ති‍්‍රවිල් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා හබරණ මින්නේරිය සහ හිගුරක්ගොඩ ප‍්‍රදේශවල සවි කර ඇති ආරක්ෂක කැමැරා පද්ධති පරික්ෂා කිරිම් ආරම්භ කර ඇති බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj

ඉදිරියේ අවදානම් තත්වයක්.. රට විවෘත කරන්න බෑ.. තවත් කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි..

Shiran Viraj
Translate »