28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
NewsPolitical

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මෙම හමුවට එක්ව සිටියහ.
බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග පවත්වන සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමින් සිටි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක් ලෙස ශ්‍රී ලංකාව සමග පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප‍්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථික සංවර්ධනය, විශේෂ සංවර්ධන ව්‍යාපෘති , විදේශ වෙළෙඳාම ආදී ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලංකාව පසුගිය කාලය පුරා ගෙනගිය වැඩසටහන්වල විශාල ප‍්‍රගතියක් දක්නට තිබෙන බව එම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිතුමා වෙත දන්වා සිටියහ.
නව තාක්ෂණය, රැකියා ප‍්‍රවර්ධනය සහ අධ්‍යාපන අවස්ථාවන් වඩාත් ඵලදායී කර ගැනීමට දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙත පෙන්වා දුන්නේය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මෙම වසරේ අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍යයේදී පැවැත්වෙන අතර ඒ හා සමගාමීව දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බව ද නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සහ එම පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් වන Michelle Donelan, Chris Green, John Lamont යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(under the courtesy of news.lk news web)

Related posts

ජනවාරියේ IMF ඉදිරියේ දණ ගහන්න වෙනවා.. රට ඉතාම භයානක තත්වයක…

Shiran Viraj

සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයි

Shiran Viraj

ධනුෂ්ක කල දේ වගකීම මා බාර ගන්නවා.. අපට සමාවෙන්න..- ඇමති රොෂාන් ඕස්ට්‍රේලියාවෙන් සමාව ඉල්ලයි..

Shiran Viraj
Translate »