31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දය රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක්

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය උපරිමයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, කිරින්ද – පුහුල්වැල්ල තිහගොඩ, කඹුරුපිටිය, දෙවිනුවර, දික්වැල්ල, මුලටියන සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා පත්‍ර බාරදීමේ අවස්ථාවට අද (21) මාතරදී එක්වෙමිනි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා, පළාත් සභා මන්ත්‍රීවරුන් වන චතුර ගලප්පත්ති, කපිල ගමගේ, ගයාන් සංජිව, චන්දන ප්‍රියන්ත, රන්ජිත් මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
මේ මැතිවරණය රටේ ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවත් එක්සත් ජාතික පක්ෂය විදියට මෙම මැතිවරණ ව්‍යාපාරය තුලින් සියලු දේශපාලන පක්ෂවලට ආදර්ශයක් දෙන්න  උනන්දු වන බව අමාත්‍යවරයා පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මාලි-කුලේ ක‍්‍රිකට් පිටියට සමු දෙයි..

Shiran Viraj

රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්

Shiran Viraj

මිල අඩුම Lite Ace.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

Shiran Viraj
Translate »