28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

අධිවේගයට සරු කාලයක්

වසර අවසානයේ සහ උත්සව සමය හේතුවෙන් මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය 15 වනදා සිට මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය පවසන්නේ.
මේ වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික වාහන ධාවනය 47,000 සිට 60,000 දක්වා වර්ධනය වී ඇති අතර, සති අන්ත දිනවල එම මාර්ගයේ දෛනිකා වාහන ධාවනය 70,000ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දිනකදී ධාවනය වන වාහන ගණන 24,000 සිට 30,000 දක්වා වැඩි වී ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය සඳහන් කළේ.
මේ හේතුවෙන් අධිවේගි මාර්ග පිවිසුම් ස්ථානයන්හි වාහන තදබදය වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ද ලබන ජනවාරි මුල් සතිය දක්වා ක‍්‍රියාත්මකයි. එම කාල සීමාව තුළ රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසද අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පොලිස් නිලධාරියෙක් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කරයි…

Shiran Viraj

AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්

Shiran Viraj

රාජපක්ෂ පවුල දරු සුරතල් විඳින හැටි මෙන්න – Photos

Shiran Viraj
Translate »