mediahumanrights.lk
Local News News

අධිවේගයට සරු කාලයක්

වසර අවසානයේ සහ උත්සව සමය හේතුවෙන් මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය 15 වනදා සිට මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය පවසන්නේ.
මේ වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික වාහන ධාවනය 47,000 සිට 60,000 දක්වා වර්ධනය වී ඇති අතර, සති අන්ත දිනවල එම මාර්ගයේ දෛනිකා වාහන ධාවනය 70,000ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දිනකදී ධාවනය වන වාහන ගණන 24,000 සිට 30,000 දක්වා වැඩි වී ඇති බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය සඳහන් කළේ.
මේ හේතුවෙන් අධිවේගි මාර්ග පිවිසුම් ස්ථානයන්හි වාහන තදබදය වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ද ලබන ජනවාරි මුල් සතිය දක්වා ක‍්‍රියාත්මකයි. එම කාල සීමාව තුළ රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසද අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේ

Shiran Viraj

බරපතළ රිය අනතුරින් පසු දිමංක සහ සඳුන් ෆේස්බුක් ඇවිත් කිව්ව කතාව

Shiran Viraj

ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනී

Shiran Viraj