27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
LIFELIFE NEWSNews

අක්මාවට හොඳ කෝපි

කෝපි පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
දිනකට කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අක්මා පිළිකා රෝගී තත්ත්වයේ පොදු රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම සියයට 20කින් අඩු කරගත හැකි බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.
දිනකට කෝපි කෝප්ප දෙකක් පානය කිරීමෙන් අක්මා අක්මා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 35කින් ද දිනකට කෝපි කෝප්ප පහක් පානය කිරීමෙන් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 50කින් අඩුවන බව මෙම නව අධ්‍යයනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. කැෆේන් ඉවත් කළ කෝපි පානය කිරීමෙන් ද පලදායී ප්‍රතිඵල අත්පත් කරගත හැකි බව පර්යේෂකයෝ පවසති.
සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඔලිවර් කෙනෙඩි ඇතුළු පර්යේෂකයෝ පිරිසක් මෙම අධ්‍යයනයේ නිරත වී ඇත. කෝපි පානය කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බව මීට පෙර කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබූ නමුත් අක්මා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව අනාවරණය වූයේ ප්‍රථම වරටය. මෙම අධ්‍යයනයට බි්‍රතාන්‍යයේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ පිරිසක් ද එක්ව ඇති අතර ලොව පුරා මිලියන 2.25ක තොරතුරු ඇතුළත් අධ්‍යයන 26ක තොරතුරු හා දත්ත විශ්ලේෂණය කරමින් පර්යේෂකයන් මෙම අධ්‍යයනය කර තිබේ.
කෝපි පානය නොකරන පිරිස හා දිනකට කෝපි කෝප්පයක් පානය කරන පිරිස හා සැසඳීමේදී එම පිරිසට අක්මා පිළිකාවේ මූලික/ප්‍රාථමික තත්ත්වය වර්ධනය වීමේ අවදානම සියයට 20කින් අඩුබව අනාවරණය වී තිබේ.
courtesy : lankadeepa.lk

Related posts

අගමැති එජාපයේ මන්ත්‍රීන් හදිසියේ රැස්කරයි – එජාප මන්ත්‍රීන්ගෙන් අගමැතිට විශේෂ ඉල්ලීමක්

Shiran Viraj

අපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…

Shiran Viraj

මනෝජ්ට දාහතයි

Shiran Viraj
Translate »