24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
NewsPolitical

“රාජිතගේ දැනුම බිංදුවයි“ බැඳුම්කරය ගැන රාජිතට පැහැදිලි කරන්න කිව්වොත් වෙන දේ ගැන බන්දුල කියයි

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට බැඳුම්කරය ගැන විෂයානුබද්ධ දැනුම අංශු මාත්‍රයක්වත් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් කැඳවමින්ය.
එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් පැවසීය.
“ ඒක එතුමාගේ පැත්තෙන් සාධාරණයි. මොකද හේතුව මේකේ ගණනය කිරීම ඉතාම තාර්කික ආර්ථික විද්‍යාත්මක පදනමකින් කරන්න ඕනේ. එතුමාට ඒ විෂයානුබද්ධව අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැති නිසා එතුමාගේ ඒ ප්‍රකාශනය සාධාරණයි. මේ බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ අවුරුදු 30කට. මෙහි ප්‍රතිපලය පඩිසන් දීම සිද්ධ වෙනවා 2045 දක්වා. අපි බලාපොරොත්තු වෙනවා සංඛ්‍යා දත්ත සහිතව අවසන් අයවැය විවාදයේදී මේ පිළිබඳ දැනට විවිධ ගණනය කිරීම් වලින් කරලා තිබෙන ආවස්ථික අලාභය කොපමණද කියලා පැහැදිලි කරන්න. ආර්ථික විද්‍යාත්මක දේවල් එහෙම කතා කරන්න අමාරුයි. මොකද හේතුව දේශපාලන කතන්දර කියන්න පුළුවන්. මේක විෂයක්නේ. ඒක ඇමතිතුමාට එහෙම පැහැදිලි කරන්න එහෙම කිව්වොත් හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පනිනේ නේද? ඒක නිසා මේ ආර්ථික විද්‍යාව ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු විෂයක්.”

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

ආවා කල්ලියේ හිටපු ප්‍රබලයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ගැසූ හේතුව සැකකරුවන් හෙළිකරයි

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…

Shiran Viraj
Translate »