2026-02-17
mediahumanrights.lk
NewsPolitical

මන්ත්‍රීවරුන්ගේ දුරකථන විස්තර හෙළි කළ සිද්ධිය දුරදිග යයි

බැඳුම්කර කොමිසම මගින් සිදු කළ පරීක්ෂණවලදී කෝප් කමිටුවේ සාමාජිකයන්ගේ දුරකතන සංවාදවල තොරතුරු ප්‍රසිද්ධ කිරීම හරහා අදාළ නම් හෙළි වූ මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇත්දැයි සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කරන බව අද (21) කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ ඊයේ (20) දිනයේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මෙම සිද්ධිය නිසා මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසද අමාත්‍යවරයා ඊයේ ඉල්ලා සිටියා.
කෙසේවෙතත් කතානායකවරයාගේ තීරණයට ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන කටයුතු කළා.
සභානායකවරයා විසින් ඊයේ (20) දිනයේ දී සිදුකළ ප්‍රකාශය පාර්ලිමේන්තු සභාව නොමඟ යැවු ප්‍රකාශයක් බවයි.
කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේ සභාපතිවරයා විසින් ද ඊයේ (20) දිනයේ දී නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම්වලට කිසිඳු අවස්ථාවක සවන් දී නොමැති බවට  එහි සඳහන් කර තිබුණේ බවයි  පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන  වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

Shiran Viraj

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්

Shiran Viraj

රුපියල බේරා ගැනීමට කැපවිය යුතුයි

Shiran Viraj
Translate »