mediahumanrights.lk
Local NewsNews

වයඹ, සබරගමුව හා මොරටුවට නව වෛද්‍ය පීඨ 03ක්

වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි නව වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.
මේ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් 2018 අයවැය මගින් රුපියල් මිලියන 1250ක් වෙන් කොට ඇත.
මේ හැර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වැඩිදියුණු කිරීමේ අරමුණින් කරාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකයක් පිහිටුවීමට වන අතර ඒ සඳහා අවයැයෙන් රුපියල් මිලියන 50ක මුදලක් ද වෙන් කොට තිබේ.
මෙසේ අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීමෙන් වසරකට සිසුන් විශාල සංඛ්‍යාවකට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමට ඉඩ සැලසෙන අතර දැනට ඒ සඳහා පවතින තරගයද අවම වනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

(under the courtesy of news.lk news web)

Related posts

මෛත්‍රිව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Shiran Viraj

ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්

Shiran Viraj

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Shiran Viraj
Translate »