mediahumanrights.lk
Local NewsNews

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර ඔවුන් මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණය සඳහා පූර්ණ සහය ලබා දෙන බව  ගාමිණී සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා දැනුම් දී තිබුණි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත් මහතා ඉදිරිපත් කළ පෙත්සමත් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ තම සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන පරීක්ෂණවලට පූර්ණ සහය ලබා දෙන බවයි.
එමෙන්ම අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය 09 වනදා ගාමිණී සෙනරත් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ද ඔහුගේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.ඒ අනුව පසුගිය (09) දිනයේදී අධිකරණයට ඉදිරිපත් විය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයි

Shiran Viraj

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

Shiran Viraj

මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්න

Shiran Viraj
Translate »