2026-09-15
mediahumanrights.lk
Local NewsNews

වයඹට ජලය – මොරගහකන්ද දෙවන අදියර හෙට ආරම්භ කරනවා – ජනපති

වයඹ පළාතේ ජල ගැටළුව විසදීමේ ව්‍යාපෘතිය හෙට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.
“ලෝකයේ සමස්ත ප්‍රජාවට සිහින තිබෙනවාග මගෙත් සිහිනයක් තිබුණා මොගහකන්ද ජලාශය පිළිබඳව.ඒ සිහිනය සැබෑ කරගත්තා. දැන් විශාල ජලාශයක්. රට හැම තැනින්නම මේ දවස්වල දහස් ගණන් ජලාශය නරඹන්න වතුර පිරිලා තිබෙන හැටි. ඒ ජලාශය විවෘත කිරීමේ ප්‍රතිඵලයක් විදිහට
අපි හෙට වයඹට ජලය මහ යෝධ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු පළාත ජලයෙන් තෙත් කිරීම සඳහා වැව් ඇළදොළ ගංගා.සමහර අය කියනවා ආණ්ඩුව මොකතු කරන්නේ නැහැ කියලා හිටං. දැන් මේ අද උදේ විවෘත කරපු කාර්යාල 2 ම මීට අවුරුදු 25 කට 30 කට 40 කට කලින් විවෘත කරන්න තිබුණ ඒවා.උතුරු නැගෙනහිර වයඹ සියලුදෙනා යන්නේ.කොළඹට විදේස ගමන් බලපත්‍ර ගන්න.හුඟක් යන්නේ දුප්පත් මිනිස්සු විදේශ රැකියාවලට යන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුණුම්පත ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් නිකුත් කළත් කොළඹට ගිහිල්ලා තමයි අයදුම්පත එන්නේ.නමුත් මෙතනින් මේ කාර්යාලයෙන්ම දෙනවා.ආපහු කොළඹ යන්න ඕන නැහැ.”

Related posts

අදූරදර්ශී ඉන්ධන ගබඩා කිරීම නිසා රුපියල් කෝටි 30ක මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බවට අනාවරණයක්

Shiran Viraj

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

Shiran Viraj

බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…

Shiran Viraj
Translate »